Thursday, May 5, 2011
මගේ ආදරණීය ආඩම්බරකාර සුදු පැටියා..
හැමදාම උත්තරාම ලියල හරියන්නෙත් නෑනේ???මගේ බ්ලොග් එක කියවන අය මට බැන බැන යනවත් ඇති.මේකිගේ බ්ලොග් එකේ ඇති දෙයක් නැහැ කියල.දැන් නම් ලියන්නේ නැතුව ඉන්නත් බැහැ.කට්ටිය එහෙන් මෙහෙන් අඩ්වය්ස් පාරකුත් දුන්නනේ,,ඒ හන්ද මගේ ජීවිතේට මම ගොඩාක් ආදරේ කරන,ගොඩාක් ලංවෙච්ච කෙනෙක්ගේ අපූරු සිද්දියක් කියන්නයි හදන්නේ,මට යන්තං අවරුදු 15 ක් වෙද්දී (හි හි යන්තං )ඒ දවස් වල මම ඕ/ලෙවල් කලේ,මම ස්කූල් යන වෑන් එක නවත්තන තැන තමයි එයාලගේ ගේ තිබුනේ.ලොකු උස තාප්ප දාපු උස ගේට්ටුවක් එහෙම දාපු ලොකු ගෙයක තමයි එයා ඉදියේ.ඒත් එයා අර ගේට්ටුව ලගට ඇවිත් හැමදාම මගේ දිහා බලාගෙන ඉදියා හරිම අහිංසක විදියට.හැමදාමත් ඒ විදියට මං දිහා බලාගෙනම ඉන්නවා.ඒත් මම වැඩිය ගණන් ගත්තේ නැහැ.මොකද මං ඒ කාලේ ඔය වගේ වැඩ වලට කැමති නැහැ.එයාලව ළංකර ගත්තම, තියෙන කරදර මදිවට තවත් කරදර.හපෝ අපේ ගෙදරිනුත් ඒ වගේ වැඩ වලට කැමතිම නැහැ.විශේෂයෙන් අපේ අම්මි.අම්මගෙන් නිකමටවත් එයා ගැන ඇහුවොත් මාත්, එයා එක්කම ගෙදරින් එලියට දානවා ෂුව.හැමදාමත් එයා මගේ දිහාම බලාගෙන ඉන්නවා.එයා හරිම ආඩම්බර කාරයෙක්ලු.ඔය මගේ දිහා විතරලුනේ මෙතුවක් කාලෙකට ඔහොමත් බැලුව කියන්නේ.. ඒ ලස්සන ඇස් හැමදාම මං එනකන් බලාගෙන ඉදියා.පස්සෙදී පට හුගක් දුක හිතුනා.මමත් ආඩම්බර පෙන්නුවා ඇති කියල හිතිලා,,දවසක් ඒ ගෙදරට ගිහින් මම ඒ ගෙදර හිටපු තඩි ඇන්ටිගෙන් ඇහුව මේ චුටි බලු පැටියව මම අරගන්නද කියල.(ඔව් ඔව් බලු පැටියෙක් තමයි.නැත්නම් ගිහින් ගෙදරින් අහන්න පුළුවන්ය) හම්බෝ ..මුලදී ඒ ඇන්ටිනම් කැමති උනේම නැහැ.පස්සේ තව ඒ වගේම බලු පැට්ටෙක් එහෙ හිටපු නිසා එයාව මට ගෙදර ගෙනියන්න දුන්නා.එහෙ හිටපු බලු පැට්ටයි මෙයයි දෙන්න එකටලුනේ ඉපදුනේ.ට්වින්ස්ලා කියලයි කිව්වේ.(කව්ද ඉතින් අර තඩි ඇන්ටි මිසක්.මොකෝ මම ඕවා දන්නවයි.) ඔන්න ඉතින් ගෙදර එක්කන් ආවේ නැතැයි,කරගහගෙන,හරිම ලස්සනයි පුළුන් ගෙඩ්ඩක් වගේ.කිරි පාට දිග ලෝමයි,ලස්සන දිග වලිගෙයි,ඒරියල් වගේ උඩට දික් කරන් හිටපු කන් දෙකයි එක්ක ටීක් බෝල දෙකක් වගේ ඇස් දෙකයි නිසා එයා හරිම කඩවසම්.(හි.. හි.. පිරිමි සතෙක්නෙ ඒකයි එහෙම කිව්වේ,) ඒ හින්දාද මන්දා එයා හරිම ආඩම්බරයි. ගෙදරට ආව ගමන් නඩුකාර උන්නාන්සේ දොරකොඩ ඉදගෙන එක පිට එක ප්රශ්න කෝටියයි,බැනුම් මිලියනයයි.(එච්චරම නැහැ ඊට ටිකක් විතර අඩුයි.හරියටම ගණන් කර ගන්න බැරි උනා)ඉතින් ඔන්න මේ කටකාර කෙල්ල ඩොගියව ගෙදර තියා ගන්න අවසර පත්තරේ බොහොම අමාරුවෙන් අර ගත්තා.දැන් තමයි හොදම හරිය වෙන්නේ,මුලදී අම්ම ඩොගියව දකින දකින හැම වෙලාවෙම වහලේ උළු උඩයන තරමට සද්දෙන් මට කෑ ගහනවා.පස්සෙදී අම්ම මටත් වඩා ඩොගියට ළං උනා.ආදරේ උනා.අපේ ඌට පැටියා කියලයි නම දැම්මේ .මොකද ඒ නමට එයා හරියට කැමති උනා. අපි ඩොගියගේ නම ඉස්සරහට සුදු ,හපන්,දග, කියන විශේෂණ පද දාල තමයි කතා කලේ.අපේ මල්ලියනම් ඉස්සරහට දැම්මේ නරි (නරි පැටියා)කියන විශේෂනයම විතරයි.ඔහොම කාලයක් ගියා.උගේ දග වැඩනම් අඩුවක් නැතුවම තිබුණා.ගේ පුරාම අශ්වයෙක් වගේ දුවනවා.හරියටම අශ්වයෙන්ගේ කුර හඩක් වගේමයි සද්දේ. අපේ ජීවිතේට හරිම වෙනස් විනෝදයක් අපේ ඩොගිය නිසා අපට ලැබුණා.ඒ හන්දද මන්දා අපි ඌට හුගාක් ආදරේ කලා.හරිම අහිංසකයි.හැබැයි පොඩි ගැටලුවක්නම් අපටතිබුණා.ඩොගි අපට අහිංසක උනාට ගෙදරට එන අයට චන්ඩි පාට් දානවා.ඉතින් හුගාක් වෙලාවට එයාව කුඩුවක දාල තියන්න අපට සිද්ද උනා. ගොඩක් අය අපේ ඩොගියට කිව්වේ හරි ආඩම්බර කාර නැහැදිච්ච බලු තඩියා කියල.(තඩියා කිව්වට තඩිනම් නැහැ.මං වගේම චුටියි.)ටික දෙනෙක් අපේ ඩොගියත් එක්ක තරහෙන් ඉන්න බව අපි දැනගෙන ඉදියා.ඔහොම මාස පහක් විතර ගෙවිල ගිහින් එක දවසක් උදේ පාන්දර වෙලාවක වත්ත පහලින් ඇහුනා මහා ගෙරවිලි හඩක්. ඒ නිසා එක පාරටම මට ඇහැරුනා,ඒ සද්දේ ආවේ අපේ ඩොගියගේ කූඩුව පැත්තෙන්.මම ඉක්මනටම ජනේලේ ගාවට ගියා.මොකද එතනට ඩොගියගේ කූඩුව පෙනුනා.පොඩි එළියක් එහෙට මෙහෙට වෙනවා පෙනුනත් හරියටම මොකද්ද කියල පැහැදිලිව පෙනුනේ නැහැ මොකද ඩොගියගේ කූඩුව ලග තිබුණු බල්බ් එක ටික දවසකට කලින් ඉදන් වැඩ කලේ නැති නිසා. බලු පැටියාගේ ගෙරවිලි හඩ දිගින් දිගටම ගොඩක් වෙලා ඇහුනා,පස්සෙදී ඒක හීන් කෙදිරිල හඩක් වෙලා ඇහෙන්නෙම නැතුව ගියා.මම හුගක් බය වෙලයි හිටියේ.ඒ වෙලාවේ හුගක් කළුවර නිසා දොර අරගෙන එතනට යන්න තරම් නිර්බීත කමක්නම් මට තිබුනේ නැහැ.ඉතින් ටිකක් එහෙමම ඉදල තව ටිකක් එලිය වැටුනම යනවා කියල මම ඇදට ගිහින් වාඩි උනා.අම්ම තේ ඒක අරගෙන ඇවිත් මාව අහරවනකම්ම මට නින්ද ගිහින්. අම්මට වචන දෙක තුනකට මම සිද්දිය අම්මට කියල,වත්ත පහලට දුවන්න හදන කොටම අම්ම මාව අතින් ඇදල අම්ම ගාවින් වාඩි කර ගත්තා.අම්මත් කොහොමින් කොහොම හරි සිද්දිය දැකල තියෙනවා .නමුත් අම්මටත් පැහැදිලිවම පෙනිලා නැහැ.උදේතමයි ගිහින් බලල තියෙන්නේ.අම්ම මට මොකද වෙලා තියෙන්නේ කියල නොකිය,පුතාම ගිහින් බලන්නකෝ කිව්වා.මම අඩියට දෙකට වත්ත පහලට දිව්වා.දෙය්යනේ අපේ ඩොගියා !!! උගේ ලස්සන දිග වලිගෙයි,ඇග පුරාම දිගට දිගේ තිබුණු සුදු ලෝමයි.කූඩුව හැම තැනම විසිරිලා.උගේ කටත් බැදලා දාලයි තිබිල තියෙන්නේ අම්ම උදේ ඒක ලිහලා.ඒ වෙලාවේ මට ඩොගියව දැක්කම හිතුනේ නිර්වස්ත්ර වෙලා ඉන්නවා කියලයි.ඒක හරියට බල්ලෙක්ගෙ විකට රුපයක් වගේ.ඒ තරමටම හිනා යනවා.නමුත් දුක හිතෙනවා ඒ ඇස වලින් දැක්ක අසරණ කමට.ඩොගියට කිසිම තුවාලයක්නම් වෙලා තිබුනේ නැහැ.කව්රු හරි ඊර්සියාවට කරපු වැඩක් කියලයි අම්මනම් කිව්වේ.එත් අදටත් ඒ වැඩේ කලේ කව්ද කියලනම් අපි දන්නේ නැහැ.ටික දවසක් යනකන් අපේ ඩොගියා කෑම කෑවෙවත් සෙල්ලම් කරන්න ආවෙවත් නැහැ.පස්සේ පස්සේ ලෝම ආයෙත් එන බව ඌට දැනුන නිසාද මන්ද කෑමනම් කෑවා.හැබැයි ඒකෙන් එක හොද දෙයක්නම් උනා.අපේ ඩොගිය ඊට පස්සේ ගෙදරට එන අයට පාට් දාන්නනම් ගියේ නැහැ.ආඩම්බර උනෙත් නැහැ.ඊට පස්සේ අපට එයාව කූඩුවෙ දාන්න ඕන උනෙත් නැහැ.පස්සෙදී ආපු දිග ලෝම නිසා දැන් ඌ හිටියටත් වඩා කඩවසම්.
Subscribe to:
Post Comments (Atom)
මට හිතුනා කියාගෙන එනකොට.... නැත්තං ඉතිං තාප්ප වල එල්ලිලා වෙන කවුරු බලන්නද? :P
ReplyDeleteමට නම් හිතුනෙ නැහැ ...... පව් වැඩේ කොහොම උනත් කරල තියෙන්නෙ ......... කුක්කට .........
ReplyDelete