Tuesday, May 3, 2011

උත්තරා (2)

මගේ උත්තරා පොස්ට් එක කියවපු ඔයාලා හැමෝටම ස්තුතියි.ගොඩක් දවසකින් බ්ලොග් එක ලියන්න බැරි උන.සමහරු ඇහැල  තියෙනවා මගේ සතියට දවස් කීයද කියල.අනේ ඇත්තටම එකටනම් සමාවෙන්න ඕන.දවසක් පරක්කුයි.මේ දවස් වල ලියන්න වෙලාවක් තිබුනේ නැහැ එකයි  ලියන්න බැරි උනේ.දැන් ඔයාල හිතනවා ඇති මේ කෙල්ල උත්තරා ලියන්න ඇවිත් මොනවා කියවනවද මන්ද කියල.ඒ උනත් මේ ටිකනම් නොකියම බැහැනේ.උත්තරා ලියන්න කියල ඇවිත් මම මේ මොනවා කියනවද මන්දා???එහෙමනම් අහ ගන්නකො කතාව   
උත්තරා .....
උත්තරා ජනේලය අසලට වී ඈත මිටියාවත දෙස බලා අතීතය දෙස හැරී බැලුවාය.. උත්තරාට නිසලව මුණ ගැසුනේ අය මහරගම ඒ ලෙවල් ක්ලාසස් යන දවස් වලය.පෙනුමෙන් හුගක් කඩවසම් ඔහු ගුණ යහපත් කමින් හොද තරුණයකු විය.නිසල වරින් වර ඇය දෙස බලා ඉන්න බව කියමින් යෙහෙලියන් අයට ඔහුගේ නම කියමින් විහිලු තහළු කාලය.නිසල හොද කොල්ලෙකු උවත් ඔහුගේ පව්ලට තම පෑහෙන්නේ නැති බව දන්නා උත්තරා ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.එක දිගටම මාස 6 ක් නිසල උත්තරා පසු පස ආදරය බව කියමින් ආවත් උත්තරා ඒ හේතුවෙන් ඔහුට අකමැති විය.නිසලගේ පියා පොලිසියේ ලොකු මහත්තයෙක් බව උත්තරාගේ මව, පියා සමග කතා කරනු උත්තරාට කිහිප දිනකම ඇසී තිබුණි. ඔහු ඉතාමත් නපුරු බවත් පාරේ ඉන්න අහිංසක මිනිසුන් පවා පොලිසියට කුදලාගෙන යන බවත් මව කියනු ඇයට ඇසී ඇත.නිසල කොතරම් හොද උවත් නිසලට උත්තරා කැමැත්ත නොදුන්නේ ඒ නිසාවෙනි.නිසල තම පියා ගැන ලත උනේය.මමත් දුප්පත් කොල්ලෙක් වෙලා ඉපදුනානම් ඉවරයි යනුවෙන් ඔහු සිතු වාර අනන්තයි.උත්තරා නැතුව තමාට ජීවත් වීම සිතන්නටවත් බැරි බව දන්නා නිසල හැම දාමත් උත්තරා හමු වීමට මහරගමට ආවේය.ඔහුගේ පන්තියට නොහොස් උත්තරාගේ පන්තිය අසලට වී උත්තරා එනතුරු සිටියහ.උත්තරාට නිසල ගැන පුදුමාකාර දුකක් ඇති විය.ඔහු තමාට මෙතරම් ආදරේ කරලත් තමාට ඔහු වෙනුවෙන් කල හැකි දෙයක් නැතිදෝ දවසක්ම සිතු ඇය නිසලව මුණ ගැසී තාමත් ඔහුට ආදරේ කරන බව කීවාය.......
අදට එච්චරයි.ඊට පස්සේ මොකද උනේ කියල දැන ගන්න ඕනනම් ආපහු මගේ බ්ලොග් එක පැත්තේ එන්නම වෙයි.

4 comments:

  1. ඈඩෙනවා.. මේක මාර කතාවක්නේ... දෙවෙනි කොටසින්ම කෙල්ල කොල්ලට හා කියලා...

    අනේ නංගියේ අර උඩින් දාලා තියෙන බටර් පාර කව්රුත් දකින්න කලින් අයින් කරන්න... නැත්තං තෑග්ග දෙන්න වෙන්නේ නෑ....

    ReplyDelete
  2. හේය්,,, හිතුවද මේක mega drama එකක් කියල.හි..හි.. ඔන්න බටර් අයින් කළා .

    ReplyDelete
  3. ලියන්න නංගි ලියන්න....... ලස්සන කතාවක්.........

    ReplyDelete