Tuesday, May 10, 2011

උත්තරා (3)

උත්තරා තුන්වෙනි කොටස ලියන්නයි මම අද බ්ලොග් එක පැත්තට ආවේ.මේ දවස් ටිකේම බ්ලොග් එක දිහා බලන්නවත් උනේ නැහැ. තරමටම ගමන් බිමන්.ගෙදර අයගෙන් ලෙඩේ ගෙදර තනියම නැවතුනොත් ඉතින් යන්න වෙනවනේ??? නිසා බ්ලොග් එකට එන්නම උනේ නැහැ.අද තමයි ටිකක් හරි වෙලාව ලැබුනේ. උත්තරා පලවෙනි කොටස කියවල නැත්නම් මෙතනින් ඒ ඔයාලට කියවන්න පුළුවන්.දෙවෙනි කොටස මෙතනින්,දැන් තුන්වෙනි කොටස.උත්තරා නිසලට ආදරය කරන බව කියා දින ගණනාවක්ම නිසලව මග හරිමින් ගෙව්වාය.නිසලට උත්තරාගේ මෙමෙ හැසිරීම මහත් හිසරදයක් වි.නිසලට උත්තරා සමග නිදහසේ කතා කිරීමට උවමන වුනත් උත්තරා ආවේ නැත.මේ නිසා නිසල බොහෝ සේ දුක් වුවාය.අද දෙකින් එකක් විසදා ගත උතු යයි සිතමින් නිසල මහර ගමට යන බස් රථයකට ගොඩ විය.උත්තරාගේ මේ වෙනස් වීම දරා ගනීමට තරම් නිසලගේ හිත මෝරා තිබුනේ නැත.තවමත් විසි හැවිරිදි වියේ පසුවන ඔහු ලාමක හිතක් ඇති තරුණයෙකි. නිසල උත්තරාගේ පන්තිය අසලට වී පැයක් පමණ කාලයක් ගත කළේය.තවත් උත්තරාගේ පන්තිය ඉවර වීමට පැ භාගයක පමණ කාලයක් ඉතිරිව තිබෙන බව අසල මුර කුටියේ සිටි මුරකරු ඔහුට කීවේය.පන්තිය නිම වීමට විනාඩි පහක් පමණ තිබියදී නිසල  අසලටම ආවේ උත්තරා පන්තියෙන් එන විට ඇයටද ඔහු හදුනා ගැනීමට හැකිවන පරිදිය.උඩ බිම බලමින් නිසල උත්තරාව විපරම් කාලය.ළමයින් සීයයක් පමණ පන්ති කාමරයෙන් පිටව ගියද උත්තරා තවම පන්තියෙන් ආවේ නැත.පන්ති කාමරය දෙසම ඇසි පිය නොහෙලා නිසල බලන් උන්නාය.අහිංසක ලස්සන ඇස් එක පාරටම අදුන ගන්නට පුළුවන් තරමටම නිසල ඇයව අදින්නේය.කෙල්ල වෙනදාටත් වැඩිය අද ලස්සනයි නිසලට සිතුනි.ඇ ලා දුබුරු සායට ක්රීම් පාට බ්ලව්සයක් ඇ පොත් මිටිය ලැමට තුරුල් කර ගෙන උන්නාය.අනේ උත්තරා ඔයා මේ මාව තුරුල් කරගන්නකො කියා සිතමින් නිසල මද සිනාවක් පෑවාය. ඈතදීම නිසලව හදුනාගත් උත්තරා තමාට අදනම් නිසලව මග හැරිය නොහැකි බව දැ ගත්තාය.එම නිසා ඇය යෙහෙළියන්ට යන්නට කියා නිසල අසලට ආවය.තමා  අසලට එන ලස්සන අහිංසක කෙල්ල තමාගේ නේදැයි සිතද්දීත් ඔහුට ලෝ සිතුනි. තරමටම ඇය ලස්සනය.උත්තරා  ලගට එන්නත් පෙරම නිසල හැගුම් බරව උත්තරාට කතා කාලය,ඇයි රත්තරන් ඔයා මාව මේ විදියට මග අරින්නේ.. මගෙන්  ගැන අහන්න එපා නිසල,..මන් ඔයාට ආදරෙයි,...මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියන දේ ඇරෙන්න මම වෙන මුකුත් දන්නේ නෑ.මේ බලන්න නිසල මේ විදිය අපි දෙන්නටම හොදයි.ඔයා හොදට ඉගෙන ගෙන ඉක්මනට රස්සාවක් හොයා ගන්න ඊට පස්සේ අපේ මේ හැම ප්‍රශ්නයක්ම විසදේවි.එතකන් කාලයට ඉඩ දීල අපි බලාගෙන ඉමු, ඇරෙන්න කරන්න වෙන දෙයක් නෑ නිසල,මගෙන් ප්‍රශ්න අහන්න එපා ප්ලීස්.ඇය ඉකි ගසමින් කියාගෙන ගියාය.හිස්ව තිබු පන්ති කාමර වල අගේ හඩ රැව් දුන්නේය. අඩමින් කතා කරන ඇය දෙස නිසල වෙනදාටත් වැඩිය ආදරෙන් බලා උන්නේය.අන්න එපා රත්තරන්..ඔයා මට ආදරේ කරන එක මට හොදටම ඇති රත්තරන්.අඩන්න එපා පැටියෝ...යැයි කියමින් නිසල උත්තරාව තමාගේ පපුවට තුරුල් කර ගත්තාය.ඔහුගේ උණුසුමේ සිටින විට ඇයට මුළු ලෝකයම අමතක වී යයි.ඉකි බිදිමින් බොහෝ වෙලාවක් නිසලගේ පපුවට තුරුල් වී ඇය සිටියාය.නිසල කතා කර,,උත්තරා,දැන් හවස් වෙන්න කලින් ගෙදර යන්න.නැත්නම් අම්ම බය වේවි.යයි කියන තුරුත් ඇයට ඔහුගේ තුරුලෙන් ඈත් වීමට ලෝභ සිතුනි.මෙහෙම කල්පයක් උනත් සිටින්නට ඇය කැමතිය.ඒත් තමාට එසේ සිටින්නටවත් කවදා හෝ නිසල තමාගේ කර ගන්නවත් නොහැකි බව උත්තරා දැන සිටියාය... 

4 comments:

  1. අනේ නංගියෝ මොන මගුලක්ද බං මේත... අපිව අවුස්සලා අවුස්සලා අන්තිමේ කියනවා... "ඒත් තමාට එසේ සිටින්නටවත් කවදා හෝ නිසල තමාගේ කර ගන්නවත් නොහැකි බව උත්තරා දැන සිටියාය... "

    ReplyDelete
  2. ඉතින් බං අය්යේ මම නෙමෙයි නේ එහෙම හිතන්නේ.අනික ඒ උත්තරා හිතන විදියනේ????කව්ද දන්නේ නිසලව උත්තරාට හම්බ වෙයිද කියල???

    ReplyDelete
  3. ආදරේට බ්රේක් නැහැ කියනවනෙ ..... බලමුකෝ ..........

    ReplyDelete
  4. (ඡේද වෙන් කරා නම් කියවන්න ලේසියි....)
    නොලැබෙන බව දැන දැන මොන බම්බුවටද ආදරේ කරන්නේ ? මිනිස්ස්ත් තමන්ට අහිමි වෙන දේවල් වලට ආදරේ කරනව තමයි ඒක සාමාන්‍යයි. ඒත් මේ වගේ දේකදි වන්දි ගෙවන්න වෙන්නෙ ජීවිත දෙකකින්..
    ඉක්මනට ඊළඟ කොටස දාන්නකෝ. එතකොට බලමු අහිමිවෙන හේතුව.

    {අනේ මේ comment verification එක අයින් කරන්නෝ. මහ කරදරයක්නේ :( }

    ReplyDelete