Sunday, March 27, 2011

අම්මේ කියා දෙනු මැන මට....


                                                   මා පොඩි කාලේ කල දග වැඩ ගැන ....

                                                   නැත ඔබ කිසි දින මට තැලුවේ....
                                                   සෙනෙහස උතුරන හැම යාමේදී මම..
                                                   ඔබ තුරුලට වී සුව වින්දේ..
                                                   සතුටකි හැම විට ඔබ දුන්නේ මට ..
                                                   හැම දුක තනිවම ඔබ වින්දේ.
                                                   මා පවසන සමහර දේවල් ගැන 
                                                   ඔබ ලත වෙන බව මට වැටහේ..
                                                   මා ඔබ රිදවුවාදෝ අම්මේ ....
                                                   මට අදටත් නැත වැටහෙන්නේ... 

අයියයි නංගියි

                                    මම මේ කියන්න හදන කතාව මීට අවරුදු 7 කට විතර පරණ කතාවක්... දැන් නම් මෙයාල ලොකු ළමයි.ඒ උනාට මේ කතාව අදටත් මතක් කර කර අපි හිනා වෙනවා.මේ නංගිට අපි චූටි බබා කියමුකෝ.අපි පොඩි දවස් වල එයාට කිව්වේ එහෙමයි.ඔන්න එක දවසක් චූටි බබා ස්කොලේ ගිහින් හවස තිබුණු අමතර පන්තියටත් සහභාගී වෙලා තවත් යාලුවෙක් එක්ක ගෙදර යන්න බස් එකට නැග්ගා.මේ දෙන්න බස් එකට නැග්ගේ බස් එකේ ඉස්සරහ දොරෙන්.බස් එකේ ඉස්සරහින් නැග්ගහම බස් එකේ ඉන්න අය සේරම පේනවනේ.ඉතින් නංගිය දැක්ක තමන්ගේ අයියත් බස් එකේ අසුනක වාඩි  වෙලා ඉන්නවා.ඒ වෙලාවේ බස් එකේ හිස් ශීට් තිබුනත් නැති නිසා නංගි  යාලුවට කිව්වා අයිය  ඉන්නව එතනට යමු කියල.ඉතින් යාලුවත් එකට කැමති උනා.ඔන්න දෙන්නත් එක්ක අයිය ගාවට ගියා.නංගි එනවා දැකපු අයියා නංගිව නොදැක්ක ගානට,අදුරන්නේ නැති ගානට අහක බල ගත්තා.නංගිය කතා කලත් ඇහුනේ නෑ වගේ ඉදියා.දැන්නම් කෙල්ලට කර කියා ගන්න දෙයක් නැති උනා.කෙල්ලට උන දේට හොදටම දුකයි. ඊටත් වඩා ලැජ්ජයි.අනික  ඉතින් යාලුවත් ඉදියනේ.කමක් නැහැ ගෙදර ගිහින් අල්ල ගන්නම්කො කියල හිතාගත්ත කෙල්ල දැන් අහක බලාගෙන ඉන්නවා.ඊට ටික වෙලාවකට පස්සේ අයියා  රට කජු මුලක් කනවා කෙල්ල  යාන්තමට වගේ දැක්කා.දැන් කෙල්ලට ඊටත් වඩා දුකයි.එත් මුකුත් කරන්න බැරි නිසා සද්ද නැතුව හිටියා.ඔන්න ඉතින් සුපුරුදු පරිදි හැමදාම බස් එකෙන් බහින ස්ථානයට ලං උනාම කෙල්ල අයියටත් කලින් බස් එකෙන් බැහැල ගෙදර දිව්වා.වෙනදට හිනා මුනෙන් එන කෙල්ල අද අස් වලත් කදුළු පුරව ගෙන මොකද කියල  දැන් ගෙදර අයට ලොකු ප්‍රශ්නයක්.ඉතින් සේරම ලං වෙලා කෙල්ලගෙන් ඇහුව මොකද උනේ කියල.ඉතින් කෙල්ල සේරම විස්තරේ ගෙදර අයට කිව්වා.දැන් ඉතින් හැමෝටම ගැටලුව අයියා ඇයි එහෙම කලේ කියල.ඉතින් ඔන්න එතකොට අපේ අනිත් ප්‍රධාන චරිතේ ඔතනට ආවා,ඒ කිව්වේ  ඔය කියන අයියා.දැන් අයියා ආව විතරයි  අයියට ගෙදරින් බර බරේ ඇයි එහෙම කලේ කියල.                              අම්මා :ඇයි පුතා නංගි එක්ක කතා කලේ නැත්තේ?
අයියා :ඉතින් අම්මේ මෙයා මගේ නංගි කියල දන්නේ මං විතරනේ.අනිත් අය දන්නේ නැහැනේ,මම මෙයා එක්ක කතා කලොත් එයාල හිතයි  මෙයා  මගේ  girl friend කියලා.එකයි  මම කතා කලේ නැත්තේ?
නංගි  :අම්මේ මෙයා  මට කජු දුන්නෙත් නැහැ තනියම කජු කෑවා..
අයියා:ඉතින් මොඩියේ අදුරන්නේ නැති අයට කව්ද කජු දෙන්නේ. හි.. හි..                                         එහෙම කිව්ව අයියා නංගිට  ඔලොක්කුවට හිනා පාරකුත් දාගෙන ගේ ඇතුලට ගියා.
ඔයාලගේ අයියලත්  මෙහෙම කරලා තියෙනාවද? අයියා  වැරදි නැහැ නේද?මොකද හිතෙන්නේ ඒ ගැන?

Saturday, March 26, 2011

මම

මුලින්ම මම හිතුව මන් ගැන ලියල හිටියොත් හොදයි
කියල...මොකද මම මේ බ්ලොග් එකක් ගැන ex නැහැ.
මේ බ්ලොග් එකට මම ගොඩාක් ආදරේ කරනවා......
මම හුගාක්ම පොඩි කාලේ ඉදන් හිතට එන හැම දේම ලියනවා....
මෙච්චර දවසක්නම් ලිව්වේ පොත් වල
අද ඉදන් මට බ්ලොග් එකේ ලියන්න පුළුවන්...මට අද ගොඩාක් සතුටු දවසක්...
මට මෙක ලියන්න වැඩිය අත්දැකීම් නැහැ..ඉදිරියට හොදට ලියන්න තමයි
මම හිතාගෙන ඉන්නේ..